ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර පැවැති එක්සත් ජාතීන්ගේ සමුළුව සඳහා සඳහා සහභාගීවූ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග ගිය මාධ්‍යවේදීන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කෑම බීම ඔවුන් නැවතී සිටි හෝටලවලදී ලබාදීම සිදු කැරිණි.
බත් සහ ව්‍යංජන ඔවුන්ගේ කාමරවලටම ලැබී තිබිණි. උදාහරණයක් ලෙස දිවා ආහාරය සඳහා බත් පැකට්ටුව සමග මාළු ඇඹුල්තියල්, පොලොස්, බීට්, පරිප්පු ලබාදී තිබූ අතර ඒ අතරතුරු බුරියානි ද සැපයිණි.
රාත්‍රී ආහාරය සඳහා ද වෙනසක් නොවුණු අතර ඉඳිආප්ප, කුකුල් මස්, පොල් සම්බෝල සහ අල ව්‍යංජනයක් තිබූ බව කියති. තවත් අවස්ථාවක කොත්තු රොටීද ලැබී තිබිණි. එක් මාධ්‍යවේදියකු තමාට ලැබුණු ඉඳි ආප්ප ඇතුළු කෑම ලබාගනිමින් පවසා ඇත්තේ ‘ගෙදර නම් කවදාවත් මේ වගේ නෑ‘ යනුවෙනි.