ඇඹිලිපිටිය අධිකරණයේ දී මාධ්‍යවේදීන්ගේ සටහන් පොලිස් කොස්තාපල්වරයකු විසින් උදුරා ගැනීම සම්බන්ධයෙන් අද (13) මාධ්‍යවේදීහු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට පැමිණිලි කළහ.
සිද්ධිය සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයා එම පොලිස් කොස්තාපල්වරයාගෙන් ප්‍රශ්න කර ඇති බවත්, උසස් පුද්ගලයකුගේ නියෝග අනුව එලෙස කළ බව පොලිස් කොස්තාපල් කී බවත් පොලිස් ආරංචි කියයි.
එසේ නම් සටහන්පොත් නැවත දුන්නේ ඇයිදැයි විමසූ විට කොස්තාපල් කියා ඇත්තේ මාධ්‍යවේදීන්ට සාක්කි සටහන් කර ගැනීමට අයිතියක් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා උසාවි රෙජිස්ටාර්ට දැන්වීමෙන් පසු ලබාගත් සටහන් නැවත දුන් බව ඔහු කියා ඇත.

