මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීමෙන් සාකච්ඡාව කැළඹෙයි


ජාතික වෘත්තිය සමිති පෙරමුණ මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේදී  අද දවල් පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රූපවාහිනී මාධ්‍යවේදීන් පිරිසක් සහ සංවිධායකයන් අතර උණුසුම්කාරීතත්ත්වයක් ඇති විය.

යළි පදිංචිකිරීම්වලින් විල්පත්තු ජාතික වනෝද්‍යානයට හානියක් සිදුව නැති බවට කරුණු දැක්වීමේ අරමුණෙන් පැවැත් වූ   ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මාධ්‍යවේදීන් ප්‍රශ්න අසන අවස්ථාවේදී මෙම තත්ත්වය හටගත්තේ ය. 

ප්‍රවෘත්ති සාකච්ඡාව සංවිධානය කළේ රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාදැයි මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර ජාතික වෘත්තිය සමිති පෙරමුණ එය ප්‍රතික්ෂේප කළේය.