මාධ්‍යවේදීන් තිදෙනා නිදොස් කොට නිදහස්


රජයේ මුදලින් ඉදිකළ බව කියන පෞද්ගලික පාරක් හා නිවසක් ගැන ගවේශනාත්මක වාර්තාකරණයට මොරවක ගිය මාධ්‍යවේදීන් තිදෙනකුට එරෙහිව පවරා ඇති නඩුවෙන් එම මාධ්‍යවේදීන් නිදොස් කොට නිදහස් කිරීමට මොරවක මහේස්ත්‍රාත් අධිකරණය අද(08) නියෝග කළේය.

පසුගිය රජය යටතේ ජනාධිපති ඝාතන තැතකට පැමිණි බව කියමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාධ්‍යවේදීන් තිදෙනා රඳවාගෙන සිටි බව අධිකරණයේදී කියැවිණි.

අද නිදොස් කොට නිදහස් වූයේ ශාලික විමලසේන,දයා නෙත්තසිංහ හා රවීන්ද්‍ර යන මාධ්‍යවේදීන් තිදෙනා ය.

 

a