බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කළුවාමෝදර ගඟ හරහා කඩොලාන දූව ගම්මානයට යාමට පාලමක් නොමැතිවීම පිළිබඳව මාධ්‍යවේදී සරත් සිරිවර්ධන මහතා මාධ්‍ය මගින් කළ හෙළිදරව්වකින් පසු ශ්‍රී ලංකා යුද හමුදාව රුපියල් කෝටි හත හමාරකට වැඩි මුදලකින් එය ඉදි කළේය.
සරත් සිරිවර්ධන උත්සවයේ ප්‍රධාන අමුත්ත ලෙසද කැඳැවිණි.
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත, යුද හමුදාවේ බටහිර ආඥාපති සුදන්ත රණසිංහ යන මහත්වරු සමග සිරිවර්ධන මහතාද ඵලකය නිරාවරණය කිරීමේ අවස්ථාවට එක්විය.
එම සිහිවටන ඵලකයේ මාධ්‍යවේදී සරත් සිරිවර්ධන ගේ නමද විය. ගම්වාසීන් උත්සවය සංවිධානය කළ අතර එහිදී අදහස් දැක්වූ උපාලි ජයරත්න මහතා කීවේ පාලම සාදා ගැනීමට උපකාර කළ සියලු දෙනාට ස්තූති වන්ත වන බවයි.
වසර 17ක් තිස්සේ තමා පුවත්පත් වාර්තා දහස් ගණනක් ලියා ඇති බවත් 2002 වසරේ සිට මේ පාලම සම්බන්ධයෙන් ඡායාරූප සහිත වාර්තා 27 ක් පළ කළ බවත් ඒවා දැක යුද හමුදාව පාලම සෑදීමට කටයුතු කිරීම ගැන සතුටු වන බවත් සිරිවර්ධන මහතා කීවේය.







