ඉන්දිකා රාමනායක
ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට පැමිණ සිටි අවස්ථාවේ ඔහුගේ ඡායාරූප ගනිමින් සිටි ඡායාරූප මාධ්‍යවේදී ඉන්දික හදුවල මහතාට අධිකරණය භූමියේ දී පහර දීම සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලිසිය අත්අඩංගුවට ගෙන සිටි නාවික හමුදා සාමාජිකයා තරයේ අවවාද කර මුදාහැරිය බව පොලිසිය කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙසටත්, සැකකරුගේ වසර 20 ක නාවික හමුදා සේවාකාලය සැළකිල්ලට ගෙන එයට ගරුකිරීමක් වශයෙන් පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා බවට මාධ්‍යවේදියා පොලිසිය හමුවේ කළ ඉල්ලීම සැළකිල්ලට ගෙන පොලිසිය මෙම පියවර ගෙන තිබිණි.
මින් ඉදිරියට මේ ආකාරයේ කි‍්‍රයාවන්වල නිරත නොවන ලෙසට දන්වමින් කොම්පඤ්ඤවීදිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නාලක ගුණසේකර මහතා සැකකාර නාවික හමුදා සාමාජිකයාට තරයේ අවවාද කර මුදා හැර තිබිණි.
මෙලෙස අත්අඩංගුවට ගෙන මුදා හැරියේ ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි කාර්යාලයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි නාවික හමුදා සමුහ සුළු නිලධාරියෙකි.