මාධ්‍යවේදියාට තිබිය යුතු දේ ගයන්ත කියයි


සාර්ථක මාධ්‍යවේදියෙකුට උකුසු ඇසත්, බූරු පිටක්, ඌරු කටක් තිබිය යුතු බව පැරණි මාධ්‍යවේදියා නව මාධ්‍යවේදියට කියා දුන් බවත් උකුසු ඇසින් විමර්ශනය, තියුණු දැනුමත් පෙන්වන බවත් ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා  2015 වසරේ ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව ප්‍රදානයට අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී එක්වෙමින් පැවසීය.

එසේම මාධ්‍ය වෘත්තියේ තිබෙන කටුක, දුෂ්කරතාව, දරා ගැනීමේ හැකියාව බූරු පිටක් ලෙස හඳුන්වා දී තිබෙන අතර ඕන වේලාවක ලැබෙන දෙයක් කෑමට ගැනීමට මාධ්‍ය වෘත්තියේදී සිදුවන බවත් අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය. ජනතාව හා සමාජය ඉදිරියට ගෙන යන මාධ්‍ය පිරිසක් අවශ්‍ය බව පෙන්වා දුන් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ නිදහසේ පෑන හැසිරවීමට උපරීම ලෙස මාධ්‍ය නිදහස ලබා දී තිබෙන බවයි.

මාධ්‍යවේදීන්ගේ ගුණාත්මක බව වැඩිදියුණු කිරීමට සම්පූර්ණයෙන් ම අවධානය යොමු කර තිබෙන අතර එහිදී සහන මිලට යතුරු පැදි ලබාදීම, නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම යනාදී වැඩසටහන් රැසක් ඉදිරියේදී ක්‍රියාත්මක කෙරෙන බව ද අමාත්‍යරයා පැවසීය.

gayantha_151218(1) gayantha_151218(2) gayantha_151218(3) gayantha_151218(4)