මාධ්‍යවේදියා ‘‘හිරේට ගිය හැටි” උසාවිය සොයයි


බම්බලපිටියේ රූපලාවන්‍ය  සායනයකදී වෛද්‍යවරියක මිය යාමේ සිද්ධියෙන් පසු රිමාන්ඩ් බාරයට පත්කළ දොස්තර නිමල් ගමගේ සමග හිරගෙදරදී මාධ්‍යවේදියකු පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසිය අද උසාවි නියෝගයක් ගත්තේය. මාධ්‍යවේදියා බන්ධනාගාරයට ගිය දිනයේ සීසීටීවි කැමරාවල දර්ශනද අමුත්තන්ගේ පොතේ විස්තරද බන්ධනාගාර නිලධරයන්ගේ කටඋත්තරද පොලිසියට සපයන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ.එම්.සහාබ්දීන් මහතා බන්ධනාගාරයට නියෝග කළේය.