‘ජනමාධ්‍ය ඉතා වේගයෙන් නවීකරණය වෙනවා. වෙළඳපොළේ ඉල්ලුම තීරණය කරන සාධකයක් වෙළා. උගතුන් බිහිවුණාට වැඩක් නෑ, නිර්මාණශීලි මිනිස්සුයි අවශ්‍ය. නිදහස් අදහස් ප්‍රකාශ කළ හරි අපුරු මිනිස්සු අපිට හිටියා.‘ යැයි කැලණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයන අංශ ප්‍රධාන, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසීය.
ඒ මහතා එලෙස පැවසුවේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයීය ජනමාධ්‍ය දිනයට සහභාගී වෙමිනි.
විදුහල්පති ලාල් දිසානායක මහතාගේ උපදෙස් පරිදි පැවැත්වූ මාධ්‍ය දිනයට මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ද සහභාගී විය.
මාධ්‍ය දිනයට සමගාමීව පැවැත්වූ සමස්ත ලංකා පාසල් තරගාවලියේ වැඩිම ලකුණු හිමිකරගනිමින් ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය සම්මානය හිමි කර ගත්තේය.
(ග.හෙ)