මාධ්‍යයට කිව්වත් රතන හිමියන්ට කියා නැතිලු


ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන ලෙස ජාතික හෙළ උරුමය තමාට දැනුම් දී නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ කියති.

තමන් ස්වාධීන වීම ගැන පක්ෂයේ මතය තමාට දැනුම් දුන්නද මන්ත්‍රී ධුරයෙන් ඉවත්වන ලෙස නොකී බව සඳහන් කළ රතන හිමියෝ මේ අවස්ථාවේ රට ගැන සිතා කටයුතු කළ යුතු බව ද කීහ.

හෙළ උරුමය මාධ්‍ය හමුවක් කැඳවමින් පසුගියදා කීවේ ස්වාධීන වූ රතන හිමියන් මන්ත්‍රී ධුරයෙන්ද ඉවත් විය යුතු බවයි.