මාධ්‍ය සමග ගනුදෙනු කිරීමට මාලිංගට අවවාද අවශ්‍යයි


මාධ්‍ය නියෝජිතයන් හමුවෙ ලසිත් මාලිංගගේ හැසිරීම සම්බන්ධයෙන් ඔහුට දොස් පැවරීමට සිදුවන අතරම සහ මාධ්‍ය සමග ගනුදෙනු කිරීම පිළිබඳව ඔහුට අවවාද කිරීමටද අවශ්‍ය බව එම සිදුවීම සම්බන්ධයෙන් පරික්‍ෂණය මෙහෙයවූ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිළධාරී අජිත් ජයසේකර මහතා අදහස් කරයි.

ඉදිරියේදී මාධ්‍ය සමග ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් ලසිත් මාලිංග තව දුරටත් අවවාද ලැබිය යුතු බව අජිත් ජයසේකර මහතා විසින් විධායක කමිටුවට ඉදිරිපත් කරන ලද වාර්ථාවේ නිර්දේශ කර තිබේ.

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් විධායක කමිටුව විසින් ඔහුගේ නිර්දේශයන් පිළිගනු ලැබ ඇති අතර ලසිත් මාලිංග සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡ කිරීම සඳහා කැමිලස් අබේගුණවර්ධන (විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සහ විධායක කමිටුවේ හිටපු සාමාජික), හරිගුප්තා රෝහණධීර (නීතීඥ සහ විධායක කමිටු සාමාජික) සහ අජිත් ජයසේකර (ශ‍්‍රී ලංකා කි‍්‍රකට් සංගමයේ ප‍්‍රධාන විධායක නිළධාරී) යන මහත්වරු පත්කර ඇත.

කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ වාර්ෂික කොන්ත‍්‍රාත් සම්බන්ධයෙන් තේරීම් කමිටු සාමාජිකයින් සමග තිබූ විශේෂ සාකච්ඡව පිළිබඳව මාධ්‍ය විසින් යොමු කරන ලද ප‍්‍රශ්නයක් හමුවේ උරණ වූ ලසිත් මාලිංග මාධ්‍ය නියෝජිතයන් හමුවේ නුසුදුසු ආකාරයට හැසිරීම බොහෝ දෙනාගේ දැඩි විවේචනයට බඳුන් විය.

 

(**)