ශ්‍රී ලංකාවේ නන් දෙසින් ඇඹිලිපිටියට ගිය මාධ්‍යවේදීහු ඇඹිලිපිටි නගර ශාලාවේ සිට පොදු බස් නැවතුමට පාගමනින් පැමිණ පාර අයිනේ පෙළ ගැසී පුවරු ඔසවාගෙන විරෝධතාවයක් ඇරැඹූහ.
දඹුලු මාධ්‍යවේදීන්ගේ සංගමයේ කාංචන කුමාර ආරියදාස ඇතුළු පිරිසක් ඇඹිලිපිටි අධිකරණයේ දී මාධ්‍යවේදීන්ගේ සටහන් පොත් උදුරා ගැනීමට විරෝධය පළ කරමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කළහ.
ප්‍රදේශවාසීහු ද අවට රැස්වී උද්ඝෝෂනය දෙස බලා සිටිමින් සහාය පළ කළහ.
‘මේවා කරන්න ඕනෑ වැඩ‘ යැයි කාන්තාවක කීවාය.
පොලිසියේ කිසිවෙක් නොසිටි අතර බුද්ධි අංශ සාමාජිකයන් තැන තැන සිටිනු දක්නට ලැබිණි.
(ඡායාරූප අකිල බද්දෙවිතාන)
(ඡායාරූප අජිත්ලාල් ශාන්ත උදය)
(ඡායාරූප හා වීඩියෝ - කෞෂල්‍ය සමින්ද)
(ඡායාරූප - චමිල් රූපසිංහ)
























