(බිගුන් මේනක ගමගේ)
මාධ්‍ය මර්ධනයට බුද්ධි අංශ යොදා ගත් හා එවාට අණ දුන් ප්‍රබලයන් වහා හෙළිදරව් කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතු යැයි වමේ කේන්ද්‍රය කියයි.
එම බොහෝ ප්‍රහාරයන් පසුපස ගෝඨාභය රාජපක්ෂ සිටින බවට චෝදනා කළ එම සංවිධානයේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා වින්දිතයන්ට යුක්තිය පමා වීමට මේ ආණ්ඩුව වග කිව යුතු යැයි ද ප්‍රකාශ කරයි.
පරීක්ෂණ සඳහා තොරතුරු අවශ්‍ය නම් ඒවා ලබා දීමට සිය සංවිධානය සුදානම් යැයි ද ඒ මහතා පවසයි.
මරදානේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා මේ බව පැවසීය.

