(විනීතා එම් ගමගේ)
වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මාදුරුඔය රක්ෂිතයේ අභ්‍යන්තරයේ මහා වන සංහාරයක් සිදුවෙමින් පවතිතැයි පරිසරවේදීහු පෙන්වා දෙති.
හෙක්ටයාර පනස් අට ලක්ෂ අසූ හතරදහස් නවසිය නවයක (5,884, 909) භූමි ප‍්‍රමාණයකට හිමිකම් කියන මාදුරුඔය රක්ෂිතයට බලපත‍්‍රයක් නොමැතිව ඇතුළු වීම , කැළෑ එළි කිරීම , ගිනි තැබීම , සතුන් දඩයම් කිරීම , පතල් හැරීම හා වගා කිරීම සපුරා තහනම් වන නමුත් රජයේ අවසරය මත හෙලි කරන බව පවසමින් මෙම වන සංහාරය සිදු කෙරෙතියි පැවැසේ.
අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයට තහනම් නියෝගය නිකුත්ව ගත වූ සති කිහිපය තුළ මෙම වන සංහාරය සිදු වී ඇති බවත් ඩෝසර් ඇතූළු මහා පරිමාණ යන්ත්‍රෝපකරණ යොදා ගනිමින් වනය කපා ඇති බවත් පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා ලංකාදීපයට පැවැසීය.
වසර සිය ගණන් පැරණි පලූ වීර බුරුත කළුවර වැනි දැවැන්ත වෘක්ෂයන් පෙරලා දමා ඇති බවත් මේ විනාශය වසර ගණනාවකට ආපසු හැරවිය හැකි නොවන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩසටහන යටතේ ගොවිතැන් කිරීමට යැයි පවසමින් මෙම කැලෑ එළි කරන බවත් ජනාධිපතිවරයාගේද නම අවභාවිත කරමින් මෙම මහා වන සංහාරය සිදු කෙරෙන බවත් පරිසරවේදීහු පෙන්වා දෙති.
කන්දේගම සිට බෝඅත්ත දක්වා ඉදිකර තිබු අලිවැට විනාශ කර එය කැලෑව තුළ සඟවන්නට මෙම කැලෑ පාලූවන් කටයුතු කර ඇතැයි පෙන්වා දෙන පරිසරවේදීහු මේ තත්ත්වය යටතේ අලි මිනිස් ගැටුම බරපතල තත්ත්වයට පත්වීමට ඉඩ ඇතැයි පෙන්වා දෙති.
වටිනා වනාන්තර ප‍්‍රදේශයක් මෙන්ම මෙහි පුරා වස්තුද බහුල බවත් ගල් කණු සහා පුරාවස්තු කැලෑ පාලූවන් විසින් විනාශ කරන තිබෙන අයුරුද එහි යන අයට දැක ගත හැකි බවත් ඔවුහු පවසති.

