මාදුරුඔය ගිනි තියයි


හෙක්ටෙයාර 58850 කින් යුත් අම්පාර මාදුරුඔය රක්ෂිතයේ පසුගිය සතිය ඇතුළත අක්කර තුන්සියයකට වැඩි ප්‍රමාණයක් ගිනි ගත්තේය.

සතුන් මැරීමට ඩයක්කරුවන් ද දැව ජාවාරමුන් දැව ඇදීමට ද පාර එළිපෙහෙළි කිරීම සඳහා  ගිනි තබතියි නිලධරයෝ කියති.

පවතින වියලි කාලගුණය හා දැඩි සුළං හේතුවෙන් මෙම ගින්න පැතිර ගොස් ඇත.

පසුගිය වසරේ ජුනි මාසය තුල මෙම තත්ත්වය මීට වඩා වැඩි වූ බව වන ජීවි නිලධරයෝ කියති. ඒ අනුව අක්කර දහසක පමණ ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වී තිබේ.