මාදුරුඔය අභය භූමියේ ඕමුණගල කන්ද ලෙන් විහාරයේ වන පදසන ලෙන නමින් හදුන් වන ලෙනේ අඩි හැටක් පමණ වලක් නිධන් සොයා හාරා ඇතැයි වන ජීවී නිලධරයෝ කියති.දැව අධාරක යොදා ගනිමින් පස් ගොඩදමා තිබේ.
මහඔය නගරයේ සිට අරලගංවිල මාර්ගයේ කොටාගල යුද හමුදා කදවුර පසුකර කිලෝමිටර්දෙකක් පමණ දුර ගොස් ඉලූක් සහිත ලදු කැලැව ඔස්සේ කිලෝමිටර් හතක් පමණ ඉදිරියට ගිය විට මෙම ලෙන් විහාරය සහිත කන්ද හමුවේ. එම කන්දේ අඩි සියක් පමණ ගිය විට හමුවන අඩිහැත්තෑපහක් පමණ දිගින් යුත් අඩි දොළහක් පමණ උසින් යුත් මෙම ගල් ලෙනේ බ්‍රාහක්මීය අක්ෂර දක්නට ලැබේ.
නැගෙනහිර පළාත් පුරාවිද්‍ය පර්යෙෂණ සහකාර ඒ.එන්.සමිර අරියතිලක මහතා කියනුයේ
සොම සහ අහොක (අසෝක) විසින් වන පදසන ලෙන කරවා පුජා කරවන ලදි බව එහි කොටා ඇති බවය.
මාස කිපයක පටන් මෙම ලෙන අඩි හැටකට අසන්නව යටට හාර තිබේ.අඩි හැටක් තරම් වට ප්‍රමාණයකින් අදියර තුනක් යටතේ මෙම ස්ථානය හාරා තිබේ. පුරාවිද්‍ය නිළධාරින් සහ පොලිස් නිළධාරින් එම ස්ථානනයට යමට දින කිපයකට පෙර එම ස්ථානයේ නිදන් හාරමින් සිටි පුද්ගලයින් රැදි සිටි බවට සාධක සොයා ගැනිමට හැකිව තිබේ . ස්ථීර ලෙස ඉදිකර ඇති මල් පැලක් කහදියර සහිත මුට්ටි මැතිරිම සදහා ගන්නා නුල් මෙම ස්ථානයේ තිබි හමු විය .
මෙම ලෙනේ සිට කන්දේ තවත් ඉහළට ගිය විට අඩි අසුවක් පමණ දිගින් යුත් අඩි විස්සක් පමණ උසින් යුත් ලෙනක්දක්නට ලැබේ.එහි බුදු මැදුරක් සහ වෙන්කර කුටි වශයෙන් නිර්මාණය කර ඇති මැටියෙන් කළ ඉදිකිරිම් දක්නට ලැබේ.දෙවන සියවට අයත් බවට සැක කෙරෙන විනාශයට පත්වෙමින් පවතින විශාල බිතුසිතුවම් මෙහි දක්නට තිබේ. පුරවිද්‍යා පර්යේෂණ සහකාර වරයා පවසන පරිදි මෙම ඉදිකිරිම් ක්‍රිස්තු පුර්ව දෙවැනි සියවට පමණ අයත්වන අතර සද්ධාතිස්ස රජ සමයෙදි ඉදිකර ඇති බවට සාධක තිබේන බවය.
කන්ද පාමුල චෛත්‍යයක්ද නිදන් හොරුන් විසින් හාරා විනාශ කර තිබේ .මෙම ප්‍රදේශයේ අතිතයේ ජලාශයක් තිබු බවට සාධක ලෙස විශාල ගලක නාග පෙන සහිත සළකුණින් පෙන්වා තිබේ. එයද යම් පිරිසක් විනාශයට පත් කිරිමට උත්හස දාර තිබේ.එම ස්ථනයේද හාරා විනාශ කර තිබේ.අවට පරිසරය තුල පිළිම ගෙයක නටබුන් ඇතුළුව පුරාවස්තු රාශියක් දක්නට ලැබේ.වන මැද ඇති මෙම ස්ථානයට කලක පටන් නිදන් සොරුන්ගෙන් දැඩි ලෙස හානි සිදුවි තිබේ.
ජාතික උරුමයන් පිළිබද අමාත්‍ය ආචාර්ය ජගත් බාලසුරිය මහතා මෙසේ කියයි
‘‘නැගෙනහිර පළාතේ ඇති ඉපැරණි ස්ථානපිළිබද විමර්ශන ආරම්භ කර තිබේනවා.එවා ආරක්ෂා කර ගැනිම එතරම් පහසු නෑ බොහොමයක් මහ කැලෑ මැද පිහිටා තියෙන්නනේ පුරා විද්‍යා ස්ථාන සටහන් කිරිමේ කටයුතු අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළා. අපිට පුළුවන් මෙවැනි ස්ථාන නිවැරදිව අදුර ගන්න වසර තිහක යුද්ධය නිසා පුරා විද්‍යා කටයුතු සිදු කිරිම ගැටළුවක්ව තිබුනා මෙවැනි ස්ථාන විනාශ කරන පිරිස් සොයා නීතියේ රැහැනට හසු කර ගන්න කටයුතු කිරිමට දැන් අවධානය යොමු කර තියෙනවා.මේ ඉතිහසය අනාගත පරපුරට අයිති එය විනාශ කිරිම නවතා දමන්න ඉදිරියෙදි කටයුතු කරනවා තරා තිරම නොබලා නිතියේ ඉදිරියට ගෙන එන්න මහජනතාවගේ උදව් අවශ්‍යවෙනවා