පොළොන්නරුවට බලපා ඇති වියළි කාලගුණයත් සමග ගොවි පවුල් 18 000කට දියවර සැපයෙන මාදුරුඔය ජලාශයේ ජල ධාරිතාව අඩි 483 200ක සිට අඩි 30 000 දක්වා පහළ බැස ඇතැයි කාර්යභාර ඉංජිනේරු ඩී එම් ධර්මදාස මහතා පවසයි.දැනට පවතින තත්ත්වය අනුව ජලය නිකුත් කළ හැක්කේ සති තුනක කාලයකට පමණක් බවද ඒ මහතා කීවේය.
වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දිය පොදක් සොයා ගැනීමට ජනතාව දැඩි සටනක නියැළි සිටින මොහොතක මහසෙන්පුර ප්‍රාථමික විද්‍යාලයේ දූ දරුවෝ විද්‍යාලීය නළ ළිදෙන් ජලය ලබාගැනීමට උත්සහ ගනිති.