මාදුරු ඔය ගින්න උඩින් නිවයි


මාදුරුඔය හික්කාගල රක්ෂිතයේ අද (27) ඇති වූ හදිසි ගින්නක් ගුවන් හමුදාවේ ද සහායෙන් පාලනය කළ බව වන නිලධරයෝ කියති.

හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ නිලධාරීහු බෙල් 212   හෙලිකොප්ටර් යානයක් මේ සඳහා යොදා ගත්හ.

පිඹුරත්තෑව  වැවෙන් බම්බි බකට්ටුවක් මගින් නොකඩවා අවස්ථා පහකදී ජලය ගෙන ගින්නට හෙළා ගින්න මැඩපැවැත්වීය.

මේ සඳහා යුද හමුදාවේ සහාය ද ලැබිණ.