
(ලසන්ත නිරෝෂණ පෙරේරා)
කහවත්ත, මාදම්පේ මාළු වෙළෙද මද්‍යස්ථානයට සම්බන්ධ ව්‍යාපාරිකයෙකු කොරෝනා ආසාදිත බවට තහවුරුවීමෙන් මාදම්පේ නගරයේ සියලුම වෙළෙද සැල් වසාදැමීමට ගොඩකවෙල ප්‍රාදේශීය සභාව අද (23) පස්වරුවේ කටයුතු කරනු ලැබිය.
ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත බණ්ඩාර මහතා සහ ගොඩකවෙල මහජන සෞඛ්‍ය පරික්ෂකවරු මාදම්පේ නගරයට පැමිණ නගරයේ වෙළෙද සැල් වසා දමන ලෙස වෙළෙද සැල් හිමියන්ට දැනුම් දුන්හ. ඒ අනුව එම ව්‍යාපාරික ස්ථාන වසා දමන ලදි.
කහවත්ත මාදම්පේ මාළු වෙළෙද මද්‍යස්ථානයට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද මද්‍යස්ථානයෙන් මාළු ගෙන එන ව්‍යාපාරිකයකු මෙලෙස කොව්ඩ්-19 ආසාදිත වු බවට අද තහවුරු වීමෙන් පසු ඔහුගේ අාශ්‍රිතයින් 40 ක් දැනට හදුනාගෙන තිබේ .
තවත් සමිපතමයින් සොයා පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පරික්ෂණ සිදු කරයි.

