
(අංජුල මහික වීරරත්න)
මාතලේ පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් / දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මාතලේ පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් / දිසාපති තනතුරේ දැනට සේවයේ නියුතු තේජානි තිලකරත්න මහත්මිය 2025-06-02 දින විශ්‍රාම යාමට නියමිතව ඇති අතර එදින සිට පුරප්පාඩු වීමට නියමිත අදාළ තනතුර සඳහා දැනට උතුරු මැද පළාත් ප්‍රවාහන, ක්‍රීඩා හා යෞවන කටයුතු, සමුපකාර, වෙළෙඳ හා ආහාර සහ කර්මාන්තසංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි එල්. පී. මදනායක මහතා පත් කිරීම සුදුසු බවට හඳුනාගෙන ඇත.
ඒ අනුව,මාතලේ පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් දිසාපති තනතුර සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි එල්. පී. මදනායක මහතා පත් කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

