මාතලේ සමූහ මිනී වළට ජනපති කොමිසමක්


මාතලේ සමූහ මිනී වළේ ප්‍රශ්නය ගැන සොයා බැලීම සඳහා මහින්ද රාජපක්ෂ ජනපති අද ත්‍රිපුද්ගල ජනාධිපති කොමිසමක් පත් කළේය.

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස් අයි ඉමාම්, හිටපු මහාධිකරණ විනිසුරු බන්දුල අතපත්තු හා හිටපු පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික කිතුලේගොඩ එහි සාමාජිකයෝය.

මාතලේ රෝහල් භූමියේ ගොඩනැගිල්ලක් හැදීමට අත්තිවාරම් කපද්දී මතුවූ මේ මිනී වළෙන් අඩුගණනේ සිරුරු සියයක පමණ ඇටකටු සොයා ගැණිනි.