මාතලේ රෝහලේ සමූහ මිනීවලේ කැනීම් අවසන් කිරීමට නියමිතව සිටි අද එහි ගිය මාධ්‍යවේදීහු පොලිසිය විසින් ඉවත් කරනු ලැබූහ. මීට පෙර මාධ්‍යවේදිනට එවැනි තහංචියක් නොවීය.
මාතලේ මහේස්ත‍්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය එහි ගොස් සිටියාය.
පසුගිය නොවැම්බර් 26 වැනිදා කැනීම් ඇරැුඹුණ අතර ස්ථාන 154කින් 154 දෙනකුගේ ඇටකටු සොයාගෙන ඇත. එහෙත් ඒ ඇටකටු කෙතරම් පරණදැයි මෙතෙක් ප‍්‍රකාශ කැර නැත. අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් ජයසේන හා පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව මහත්වරු කැපීම්වලට උදව්වූහ.
ජනතා විමුක්ති පෙරමුණ කියනුයේ මේ ඇටකටු 1989 භිෂණ සමයේ මරා දැමුණු තම සාමාජිකයන්ගේ බවයි. එහෙත් එය මෙතෙක් තහවුරු වී නැත.