මිනිස් සිරුරු 154 ක කොටස් සහ හිස් කබල් 81 හමුවී ඇති මාතලේ සමූහ මිනී වල පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ජනාධිපති කොමසමක් පත්කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
විවිධ අංශ ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ මේ මිනී වළෙන් හමුවූ පුද්ගලයන් වදදී කපා කොටා මරා දමා ඇතැයි ද එය 88-89 කාලයට අයත්විය හැකියැයි ද පැවසේ. මේ මිනී වළේ තම සාමාජිකයන් ඇතිබව සැකයක් ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ කියයි