මාතලේ සමූහ මිනීවල සම්බන්ධයෙන් පැවැත්වෙන ඉදිරි විමර්ශන කටයුතු සදහා ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබා ගැනීමට 31 දා රහස් පොලිසියට අවසර දුන් මාතලේ මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය මෙම නඩු විභාගයේදී පාර්ශ්වකරුවෙකු ලෙස පෙනී සිටීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට අවසර දුන්නාය.
89/90 වකවානුවේ තුළ අතුරුදන්වූ ඥාතින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය සහ ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නීතීඥවරු 12 දෙනෙක් පෙනී සිටිහය.
89/90 වකවානුව තුළ මිණි වලේ මිහිදන්කර ඇති බවට සැලකෙන 22 දෙනකු වෙනුවෙන් දිව්රුම් ප්‍රකාශ අධිකරණයට ඉදිරිපති කිරීමද සිදු විය . 89/90 වකවානුව තුළ අතුරුදහන්ව මාතලේ සමූහ මිනි වලේ මිහිදන්කර ඇති බවට සැලකෙන ඥාතින් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දිව්රුම් ප්‍රකාශ 22 ක් මෙදින අධිකරණයට ඉදිරිපත් කළ අතර ඒවා පිළි ගන්නවාද නැද්ද යන්න සලකා බැලීම ලබන 28 දිනට කල් තැබූ අධිකරණය සිංහල දෙමළ සහ ඉංග්‍රීෂි භාෂාත්‍රයෙන්ම නිල නිවේදනයක් පුවත්පත් මගින් නිකුත්කර අතුරුදහන් වූවන්ගේ ඥාතින් දැනුවත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්ත්මේන්තුවට උපදෙස් දුන්නේය .
ශ්‍රී ලංකා නිතිඤ සංගමය ජනතා විමුක්ති පෙරමුණේ නිතිඥවරුන් සහ පෙරටුගාමී පක්ෂයේ නිතිඥවරුන්ගෙන් සැදුම්ලත් නිතිඥ කණ්ඩායමක් මෙදින අධිකරණය හමුවේ පෙනි සිටි අතර 89/90 වකවානුව තුල අතුරුදහන්වුන්ගේ ඥාතී විශාල පිරිසක්ද අධිකරණ භූමියට පැමිණ සිටියහ .ශ්‍රී ලංකා නිතිඥ සංගමයේ නියෝජිත නිතිඥ අනුර මැද්දේගොඩ මහතා මාධ්‍යට අදහස් දක්වමින් මාතලේ සමූහ මිණි වල සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයේදී යුක්තිය පසිදලීමේ කාර්යය විනිවිද දක්නට හැකිවන අන්දම ඉදිරියට ලෙන යාමට ශ්‍රී ලලංකා නිතිඥ සංගමය තීරණය කර ඇති බව පැවසූ අතර මෙම අවස්ථාවට සහභාගිවු පාර්ලිමෙන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අදහස් දක්වමින් රජය නිහඩව නොසිට පැහැදිලි විමර්ශනයක් කළ යුතුව ඇති බව පැවසීය . නඩු විභාගය ජූනි 28 දිනට කල් තැබිණි .