මාතලේ මිනී ඇට රට යවයි


මාතලේ රෝහලේ සමුහ මීනීවලේ ඇට කැබළි 157 කින් අහඹු ලෙස තෝරාගත් හතක් විදේශ රටකට යවා කාල නිර්ණය කිරීම සදහා රහස් පොලීසියට භාර දෙන්නැයි මාතලේ මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා මාතලේ අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර අජිත් ජයසේනට අද නියෝග කළේය.

රෝහලේ ජීව වායු ඒකකයක් ඉදි කිරීම සඳහා අත්තිවාරමක් කපද්දී 2012 නොවැම්බර්  23 වැනිදා මෙම මිනී වළ සොයා ගැණිනි.

1988 /1989 භිෂණ සමයේ අතුරුදන්වුවන්ගේ ඇට සැකිලි මෙහි ඇති බවට අධිකරණයට කරුණු ඉදිරිපත් කැරිණි.