(මහේෂ් කිර්තිරත්න)
මාතලේ මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ සභික අශෝක අජිත් කොට්ටහච්චි මහතා අද (23) තේරී පත්විය.
නියෝජ්‍ය නගරාධිපති ලෙස ලංකා කම්කරු කොංග්‍රසයේ තේවර් සුබ්‍රමනියියම් මෝහන් මහතා තේරිපත්විය.
මාතලේ මහ නගර සභා රැස්විම් ශාලාවේදි අද මධ්‍යම පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රදානත්වයෙන් මෙය පැවැත්විණි.
එහිදි පැවති රහස් ඡන්දයේදි ඡන්ද 12ක් ලබා ගෙන නගරාධිපති ලෙස අශෝක අජිත් කොට්හච්චි මහතා තේරි පත් විය. අනතුරුව පැවැති විවෘත ඡන්ද විමසිමේදි ඒකමතිකව ලංකා කම්කරු කොංග්‍රසයේ තේවර් සුබ්‍රමනයියම් මෝහන් මහතා තේරි පත් විය.