මාතලේ බීමහල් කොල්ලයේ ලක්ෂ 40ක් සොයාගනී


මාතලේ මෙතෙක් සිදු වූ ලොකුම මුදල් කොල්ලයේ සැකකරුවන් අට දෙනකු සමග කොල්ල කන ලද ලක්ෂ 40ක් ද අල්ලා ගත් බව පොලිසිය කියයි. අවුරුදු සමයේ මාතලේ බිමෙහල් තුනක එකතු වූ රුපියල් ලක්ෂ 41 පසුගිය 17 වැනි දා කොල්ල කෑවේය. බිමල් සේවකයකු ද කාන්තාවක ද අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බව පොලිසිය කියයි. කොල්ලකරුවන් පළාගිය කාරයක් ද සොයාගෙන ඇත.