මාතලේ පෙරහරේ අලියෙක් කුලප්පු වේ


මාතලේ අලුවිහාරයේ සංගායනා පෙරහරේ ගමන් කළ අලියකු  කුලප්පු වීම නිසා පෙරහර කටයුතු තාවකාලිකව නවතා දමා ඇතැයි සංවිධායකයෝ කියති.

රාත්‍රී 11.30 වන විට පෙරහර මාතලේ මන්දණ්ඩාවලට ළඟා වී තිබුණු අතර වාහනයක නලා ශබ්දයක් නිසා අලියා කුලප්පු වූ බව නරඹන්නෝ කියති.

පෙරහර නැරඹීමට තනා තිබූ අට්ටාලයක් කඩා දමා ඇතත් කිසිවකුට අනතුරක් වී නැත. අලියා මෙල්ල කර ගැනීමට ඇත්ගොව්වෝ පැයක එක හමාරක් තිස්සේ වෙහෙසති.