මාතලේ මහනගර සභාව පෞද්ගලික ආයතනයක ස්කැවේටරයක් කුලියට ගැනීමට රුපියල් 1428370 ක් නීතී විරෝධි ලෙස ගෙවීමක් කළැයි මාතලේ පුරපති මොහොමඩ් හිල්මි ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු දහ දෙනකුගෙන් හා නාගරික කොමසාරිස් ඇතුළු නිලධාරීන් දෙදෙනකුගෙන් එම මුදල අය කැර ගත යුතු යැයි විගණකාධිපති යෝජනා කරයි.
නගර සභා ස්කැවේටරය අලුත් වැඩියා නොකර ටෙන්ඩර් ක්‍රමය හෝ මහ නගර සභා ආඥා පනත අනුගමනය නොකර නගර සභා මුදල් මෙසේ වියදම් කැර ඇතැයි විගණකාධිපති කියයි.
පුරපතිට අමතරව නාගරික මන්ත්‍රීවරුවන් වන පාලිත ජයසේකර,මුත්තු ශිවඥානම්,රොෂාන්ද සිල්වා,සන්දනම් ප්‍රකාශ්,අමිල නිරෝෂන්,එම් හාරිස්,නාගුර්ගනී මරික්කාර්, අයි කේ මෛත්‍රීපාල සහ ජයරත්න ලියනගොඩ මහත්වරුනටද නාගරික කොමසාරිස් බබාපජෝන් සහ නාගරික ඉංජිනේරු එස් බී හලංගොඩ මහත්වරුන්ටද මෙම අධිභාරය පැනවිය යුතු බව විගණකාධිපති පවසයි.
ඔහුගෙන් දිනයක් ලබාගෙන කරුණු දක්වන බව නගරාධිපති කියයි.