මාතලේ ප්‍රා සභාපතිට මිනී අළු බාම්?


‘මගේ මේසය උඩ තියෙන  බාම් එකටත් මිනී අළු දාලා .හූනියම් කරලා ‘.යැයි මාතලේ ප්‍රාදේශිය සභාවේ සභාපති  කපිලබණ්ඩාර හේන්දෙණිය මහතා ප්‍රාදේශිය සභා මාසික රැස්වීමේදී ප්‍රකාශ කළේය.

තම ජීවීතයට හානියක් වුහොත් වගකීම භාරගත යුතු අයගේ නම්  ඇතුළත් ලිපියකත් තම බිරියට දි ඇති බවත් ප්‍රාදේශිය සභාවෙන් වතුර ටිකක් බිමටවත් බැරි බවත් ඔහු කීවේය.

දේශපාලනයෙන් තමා හොද හිත මිස කිසිවක් උපයා ගෙන නැතැයි ද ඔහු කීවේය.