මාතලේ නගර සභාව මැක්ඩොවල් කොටුව අල්ලයි


පුරවිද්‍යා රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති මාතලේ ඓතිහාසික මැක්ඩොවල් ඉංග්‍රීසි බලකොටුවේ  කසල කළමනාකරණ ව්‍යාපෘති හා පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකරගෙන යතියි නගර වැසියෝ කියති.

1803දී බ්‍රිතාන්‍යයන් විසින් ඉදිකැරුණු මේ බලකොටුව යුද මධ්‍යස්ථානයක් විය.

1948 බ්‍රිතාන්‍ය විරෝධී අරගලයේදී මාතලේ කැරැල්ලට නායකත්වය දුන් වීර පුරන්අප්පු හා ගොන්ගාලේගොඩ බණ්ඩාද එහි සටන්වලට සම්බන්ධ වූහ.

මාතලේ මහනගර සභාම මෙම ඉදිකිරීම් අරඹා ඇත.

මහනුවර පුරාවිද්‍යා කාර්යාලය එම ඉදිකිරීම් නතර කරන ලෙස දන්වා ඇතත් අදත් එහි ඉදිකිරීම් සිදු විය.

මධ්‍යම පළාත භාර පුරා විද්‍යාල අධ්‍යක්ෂ එල් එම් ගුණසේකර මහතා පැවසුවේ අදම එහි නිලධරයකු යවන බවයි.

නගරාධිපති හිල්මි මොහොමඩ් මහතා කියා සිටියේ ඉදිකිරීම් සම්බන්ධයෙන් කිසි ප්‍රශ්නයක් නැති බවයි. එහි කසළ කළමනාකරණ පුහුණු මධ්‍යස්ථානයක් ඉදි කරන බවයි.