මාතලේ රෝහල් භූමියෙන් හිස් කබල් 24 ක කොටස් සහ මිනිස් අස්ථි කොටස් ලැබී ඇතැයි අධිකරණ වෛද්‍ය විශේෂඥ අජිත් ජයසේන මහතා පවසයි.
මෙම අස්ථි දැඩි සේ දිරාපත්ව ඇති බවත් තවදුරටත් කැණීම් සිදුකරන බවත් වෛද්‍යවරයා පවසයි.
හමුවූ අස්ථි කවර කාලයකට අයත් ද යන්න තවමත් ස්ථිර නිගමනයට එළඹ නැත. කැණීම් කටයුතු අවසන් වූ පසු ඒ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිතය.
1920 දී පමණ මෙම ප්‍රදේශයේ ජනාවාසයක් නාය යාම පිළිබඳ වැඩිහිටියෝ පවසති.