මාතලේ උපාධි අපේක්ෂිකාව මැරුවැයි රිමාන්ඩ්


මාතලේ වරාපිටියේ බන්නැහැයක වලව්වේ ලලනි නදීශා උපාධි අපේක්ෂිකාවගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ඩෙන්සිල්  ජයවර්ධන 25 වැනිදා තෙක් රිමාන්ඩ් කරන්නැයි මාතලේ ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා අද (11) නියෝග කළේය.

එදිනට සැකකරුගේ ඩීඑන්ඒ වාර්තාවක් ඉදිරිපත්කරන්නැයි ද මහෙස්ත්‍රාත්වරයා  විසින් රහස් පොලීසියට නියෝග කැරිණි.

හෝකන්දර  ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහු ගෙවල් බිඳුම් සහ සොරකම්වලට සම්බන්ධ බවට තොරතුරු ඇති බවට පොලීසිය අධිකරණයට දැන්වීය.

සොරකමේ ආ මොහු  මව සමඟ නිදා සිටි තරුණිය අවදි විම නිසා කලබලවී ඇය මරණයට පත් කරන්නට ඇතැයි පොලීසිය පවසයි

මොහු හය මාසයකට පසු රහස් පොලිසියෙන් සඳුදා (10) අත්අඩංගුවට ගත්තේය.

1 2

මහේෂ් කීර්තිරත්න

IMG_0240

ඡායාරූපය විරාජ් අබේසිරි