2004 සුනාමියේදී මාතර බන්ධනාගාරයෙන් පැන ගිය සිරකරුවක් වසර නවයකට පසු ඇහැළියගොඩ මින්නාලේ දී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
වඩුවකු සේ වෙස් වළාගෙන ව්‍යාජ හැදුනුම්පතකින් ජීවත් වු ඔහු හසු වී ඇත්තේ බිරියගේ බැංකු පොතෙනි. ඔහු බිරියගේ බැංකු පොතට ඇහැළියගොඩින් මුදල් බැර කිරීම ගැන සෙවිල්ලෙන් සිටි පොලීසිය සැකකරු සොයා ගත්තේය.
පොලීසියට අසුවෙතියි බියෙන් ඔහු ජංගම දුරකථන බැංකු පොත් පාවිච්චි කළේ නැත.