විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට ඉදිරිපත් වීමෙන් පසු අරලියගහ මන්දිරයට ගොස් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ මාතර මහ නගර සභාවේ සන්ධාන මන්ත්‍රී රාජ් චන්ද්‍රලාල් මහතා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා සහභාගීවූ ‘වීදියේ විරෝධය‘ වැඩසටහනට පැමිණියේය.
මාතර ප්‍රාදේශිය දේශපාලනඥයකු තමාට කරදර කර අරලිය ගහ මන්දිරයට කැඳවාගෙන ගියද තමා විපක්ෂයේ පොදු අපේක්ෂයාට සහය දැක්වීමට ගත් තීරණයේ වෙනසක් නැති බව ඔහු කියයි.





