(අංජුල මහික වීරරත්න)
මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති වශයෙන් දැනට සේවය කරනු ලබන ගනේෂ අමරසිංහ මහතා සේවා අවශ්‍යතාව මත වෙනත් සුදුසු තනතුරකට පත් කිරීමට හැකි වන පරිදි රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය වෙත අනුයුක්ත කිරීම යෝග්‍ය බවට හඳුනාගනු ලැබ ඇත.
ඒ අනුව, ඒ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය වෙත අනුයුක්ත කිරීමටත්, ඒ හේතුවෙන් පුරප්පාඩු වන මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට, දැනට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරී ඕපාත විතාන චන්දන තිලකරත්න මහතා පත් කිරීමටත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විදින් අනුමත කරන ලදී.