මාතර වෙරළ පාරේ පවත්වාගෙන ගිය එක්සත් ජනතා සංධානයේ අපෙක්ෂකයකුගේ හිටපු පළාත්ඇමැතිවරයකුගේ මැතිවරණ කාර්යාලයක් ඉවත් කිරීමට ගිය සහාකාර මැතිවරණ කොමසාරිස්වරයකු ඇතුළු නිලධාරීන් පිරිසකට එම අපෙක්ෂකයාගේ ආධාරකරුවන් බැන වැදී මරණීය තර්ජන එල්ල කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසියට උපදෙස් ලබා දුන් බවත් දකුණු සහ බස්නාහිර මැතිවරණ නිදහස්ව හා සාධාරණ ලෙස අද (29) දින පවත්වන බවත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මාතර දී පැවැසීය
සිද්ධියට සම්බන්ධ බව කියන අපෙක්ෂකයා හා එක්සත් ජනතා නිදහස් සංධානයේ සෙසු අපෙක්ෂකයන් ද කැඳවා සාකච්ඡාවකි පසු
මාධ්‍යවේදීන් හමුවේ කොමසිරිස් මෙසේ ද කීය.
යම් දෙයක් වී තිබෙනවා. මා ඒ පිළිබඳව ප්‍රකාශයක් කරන්න යන්නේ නෑ. ඡන්දයෙන් පසුව ඒ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කීරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසියට උපදෙස් දුන්නා. සෙනසුරාදා (29) උදෑසන නියමිත පරිදි මැතිවරණය පවත්වනවා. ඡන්ද පොළට උදෑසනම පැමිණ සිය ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටිනවා

