මාතර සහල් මඟඩියක් අල්ලයි


(තරංග ගුණරත්න)

දේශීය සහ ආනයනය කරන ලද කැකුළු සහල් පාලන මිල අභිබවා වැඩි මිලට අලෙවි කළ මාතර  ව්‍යාපාරික ස්ථාන 23ක් වැටලූ බව   පාරිභෝගික අධිකාරිය පවසයි .

සහල් සඳහා රජය මඟින් පනවා ඇති පාලන මිල නොකතා මාතර  නගර ගණනාවක වැඩිමිලට සහල් අලෙවි කරන බවට පාරිභෝගික අධිකාරියට ලද තොරතුරු මත විශේෂ වැටලීමක් අද දවස පුරා ක්‍රියාත්මක කෙරිණි.

මාතර , වැලිගම, දික්වැල්ල , හක්මන, අකුරැස්ස, ආදී නගර ගණනාවක මෙම වැටලීම සිදුකොට තිබෙි.

දේශීය කැකුළු සහල් කිලෝවක් 220 ක පාලන මිලක් පනවා තිබියදී එය අභිබවා යමින් 290, 310 වැනි මිලකට සහල් අලෙවි කරන ස්ථාන 21 ක්ද තොග නොමැති බව පවසමින් නීති විරෝධී ලෙස තොග පවත්වාගෙන යමින් කටයුතු කළ ව්‍යාපාරක ස්ථානන දෙකකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් බවද පාරිභෝගික අධිකාරියය කියයි.

විශේෂයෙන් හම්බන්තොට ප්‍රදේශයේ සිට රැගෙන එන ලද කැකුළු සහල් ලොරියක් ( සහල් මිටි 500 ) තවත් ලොරියකට පටවමින් සිටියදී අකුරැස්ස නගරයේදී නිරීක්ෂණයට ලක්ව තිබේ . එහිදී එම සහල් ඇණවුම් කළේ කවුරුන්ද යන වගට ඔවුන් සතුව තොරතුරු නොමැති බවට අනාවරණය වී තිබිණි.

නමුත් පසුව එම සහල් ව්‍යාපාරික ස්ථාන පහක් සඳහා ලබා දුන් බවට අනාවරණය වී තිබුණි.