මාතර රෝහලේ 'මහ ලෙඩක්'


මාතර මහ රෝහලේ කණිෂ්ඨ කාර්යය මණ්ඩලයේ සේවකයන් 150 ක් පමණ සේවයට වාර්තා නොකර මාසික වැටුප් ගෙවන දින කිහිපයේ පමණක් සේවයට පැමිණෙන බව රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය මල්කාන්ති මැදිවක මහත්මිය මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යයාලයේ අද (01) පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී ඒ බව කීවාය.

පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා සහ රෝහල් අධ්‍යක්ෂිකාව අතර ඇති වූ සංවාදය මෙසේය.                              

බුද්ධික පතිරණ: නොපැමිණෙන සංඛ්‍යාව කීයද?

අධ්‍යක්ෂිකාව: 150 ක් විතර

බුද්ධික පතිරණ: හරියටම කීයද?

අධ්‍යක්ෂිකාව: 100 ත් 150 ත් අතර

බුද්ධික පතිරණ: මේක මාධ්‍යට හොඳ ප්‍රවෘත්තියක් . ඒ අය සේවයට නොඑන්නේ ඇයි? වෙනත් රැකියාවක්වත් කරනවද?

අධ්‍යක්ෂිකාව: වැටුප් ගෙවන දින කිහිපයට පෙර දින 05 ක් පමණ වැඩට එනවා.වැඩි දවසක් එන්නේ නැහැ.

බුද්ධික පතිරණ: ඒකට හේතුව ප්‍රසිද්ධියේ කියන්න බැරි නම් මට පෞද්ගලිකව හෝලිඛිතව දන්වන්න. ඔවුන් වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ගය කුමක් ද?

අධ්‍යක්ෂිකාව: ඔවුන් ‘නෝ පේ’ (වැටුප් රහිත) යනවා. වැටුපෙන් මුදල් අයකර ගන්නවා.

බුද්ධික පතිරණ: ඔවුන් ඉවත් කිරීම සඳහා ක්‍රමවේදයක් ජාතික මට්ටමෙන් සැකසිය යුතුයි.