මාතර රෝහල් උපස්ථායකයෝ පොත පෙන්නති


මාතර රෝහලේ රෝගීන්ගේ ප්ලාස්ටර් වෙළුම් කැපිය නොහැකි බව කණිෂ්ඨ සෞඛ්‍ය සේවා රෝහල් උපස්ථායක උපස්ථායිකා ස්වාධීන සේවක සංගමය රෝහලේ පරිපාලනය වෙත ලිඛිතව දැනුම් දුන්නේය.

නීති ශිෂ්‍ය අචලා ප්‍රියදර්ශනී (23) සිසුවියගේ අතක් කපා ඉවත්කිරීමේ සිද්ධියෙන් පසුව මේ තීරණය ගෙන ඇත. පැරිස් බදාම බැන්ඩේජ් ඉවත් කිරීම හෙද හෙදියන්ගේ අධීක්ෂණය යටතේ කණිෂ්ඨ සෞඛ්‍ය කාර්ය සහායකයින් විසින් සිදු කළයුතු බවට රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය මීට කලින් උපදෙස් දුන්නාය.