මාතර ගොඩගම සිට මත්තල අධිවේගී මාර්ගයේ යටියන හිඟුරුපත්තල පළමු පිවිසුම දේශපාලනඥයකුගේ ඕනෑකම අනුව කිරින්දේ වළකන්ද මුරුතගස්පිටියේ පිහිටුවීමට යතියි ප්‍රදේශවාසීහු විරෝධය පළ කරති.
හිඟුරුපත්තල පිවිසුම අහිමි කිරීමට එරෙහිව ලබන ඉරිදා උද්ඝෝෂණයක් පැවැත්වීමටද යයි.
වළකන්දේ භූගෝලිය පිහිටීම අනුව කඳු ,බෑවුම් ඇති හෙයින් අලුතින් පාරක් කැපීමට සිදු වන බව වැසියෝ කියති.
දක්ෂිණ අධිවේගී මාර්ග ඉංජීනේරුවරයකු පැවසුයේ අවසර නොමැතිව මාධ්‍ය සමඟ තමන්ට කතා කළ නොහැකි බවයි.