මාතර බෝධිය නහවා සමාව ගනී


දිනකට සිය දහස් ගණනකගේ වන්දනාවට පාත්‍රවන මාතර ඓතිහාසික බෝධියට නැඟ එය අපවිත්‍ර කළ මිනිසා වෙනුවෙන් සමාව අයැදීමේ හා බෝධිරාජයා පිරිසුදු කිරීමේ  වතාවත් අද පැවැත්විණි. මහා සංඝරත්නය පිරිත් දේශනා කැර බෝධිය නහවා එම වතාවත් ඉටු කරද්දී තෙල් මල් පහන් රැගෙන බෝධිය වන්දානා කළ පිරිසගේ සාධු හඬින් මුළු පෙදෙසම හිඟුම් දුන්නේය.