(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර බන්ධනාගාරයේ රදවා සිටි කාන්තා රැදවියෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
ව්‍යාජ රන් ආභරණ උකසට තබා මුදල් වංචා කිරිමේ සිද්ධීන් රැසකට අදාලව ඇය වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටි තැනැත්තියකි.
මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින එවැනිම නඩුවකට ඉදිරිපත් කිරීම සදහා රත්නපුරයේ පදිංචි සැකකාර කාන්තාව ඉකුත් 01 වැනිදා වැලිකඩ සිට මාතර බන්ධනාගාරය වෙත රැගෙනවිත් තිබුණි.
එහිදී සිදු කල පී.සී.ආර්.පරීක්ෂණයක දී ඒ බව අනාවරණය වී තිබේ.
අදාල කාන්තාව වෛද්‍ය ප්‍රතිකාර සදහා මේ වන විට කඹුරුගමුව දිස්ත්‍රික් රෝහල වෙත ඇතුලත් කර සිටී.
සෞඛ්‍ය අංශ මේ පිළිබඳව වැඩි දුර පරීක්ෂණ මෙහෙයවති.

