යුද්ධය අවසන් කිරීම සමරමින් ජනපතිගේ ද සහභාගීත්වයෙන් අඟරුවාදා (19) මාතර පැවැති සැමරුම් උත්සවයේ ආචාර පෙළපාළියට කළු ගලක් රැගෙන ගියේයැයි සැකපිට අත්අඩංගුවට ගත් නාවික හමුදා භටයෝ දෙදෙනක් 25 වැනි දා තෙක් මාතර මහේස්ත්‍රාත් යුරේකා ද සිල්වා මහත්මිය විසින් රිමාන්ඩ් කරනු ලැබූහ.
ආචාර පෙළපාළියේ ආබාධිත සෙබළකු ගමන්ගත් රෝද පුටුවේ පූචයේ එම කළු ගල තිබූ බවත්, තමා අපහසුතාවට පත් කිරීමට එය වෙනත් භටයකු දැමීයැයි ඔහු පැවසූයෙන් තවත් භටයකු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.
නාවික හමුදා වෛද්‍ය බලකායේ වෛද්‍ය සහායක පොළොන්නරුවේ අරලගංවිල සමීර උපේන්ද්‍ර ජයවික්‍රම (29) සහ වෛද්‍ය සහායක ඉංගිරිය හඳපාන්ගොඩ චින්තක නිරෝෂණ් මධුශංක (29) ඔවුහුය.

