මාතර පිහි ඇනුම් සිද්ධියේ අනෙක් සිසුවාත් රිමාන්ඩ්


(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
 
උපකාරක පන්තියකට සහභාගීවීම සඳහා යන අතරතුර දී පිහියකින් ඇණ උසස් පෙළ සිසුවකු ඝාතනය කර ඔහුගේ මිතුරකුට පහර දී තුවාල සිදු කළැයි  සම්බන්ධ අනෙක් සිසුවා ද හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ලබන 3 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තබන ලෙස මාතර අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණි කේ.විතාරණ මහත්මිය අද (28) නියෝග කළාය.

එසේ රිමාන්ඩ් බාරයට පත්කෙරුණේ මාතර හාමුගේවත්තේ පදිංචි 18 හැවිරිදි සිසුවෙකි.

ඔහු මෙම ඝාතනය සඳහා යොදා ගත් යතුරුපැදිය පැදවු සැකකරුද වේ.

ඔහු මාතර කොට්ඨාස බුද්ධි තොරතුරු ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.කේ.කමල් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (27) මාතර නගරයේ දී සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.