(ක්‍රිෂාන්ජීවක ජයරුක්)
උපකාරක පන්තියකට සහභාගී වීම සඳහා යන අතරතුර දී පිහියකින් ඇණ උසස් පෙළ සිසුවකු ඝාතනය කර ඔහුගේ මිතුරකුට පහර දී තුවාල සිදු කිරිමේ සිද්ධියට සම්බන්ධ තවත් සිසුවකු හදුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ලබන 3 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තබන ලෙස මාතර අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණි කේ.විතාරණ මහත්මිය අද (27) නියෝග කළාය.
එසේ රිමාන්ඩ් බාරයට පත්කෙරුණේ මාතර නගරයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබා අධ්‍යාපනය අතරමග නවතා දමා තිබෙන මාතර නාදුගල පදිංචි 17 හැවිරිදි සිසුවෙකි.
ඔහු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පෙරේදා (26) දහවල් මාතර නගරයේ දී අත්අඩංගුවට ගනු ලැබීය.
එම සැකකරු පෙරේදා (26) දින රිමාන්ඩ් බාරයට පත් කළ මෙම ඝාතනයේ ප්‍රධාන සැකකාර 16 හැවිරිදි පාසල් සිසුවාගෙන් වෙන්කර බන්ධනාගාරය තුළ තබන ලෙස පොලීසිය අතිරේක මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලීමක් කළේය.
ඒ අනුව සැකකාර 17 හැවිරිදි සිසුවා බන්ධනාගාරය තුළ වෙන් කර තැබීමට අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණි කේ.විතාරණ මහත්මිය බන්ධනාගාර නිලධාරීන්ට වැඩිදුරටත් නියෝග කළාය.

