(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර ඇලවේල්ල පාරේ දී පිහියකින් ඇණ උසස් පෙළ සිසුවකු ඝාතනය කිරිමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන 16 හැවිරිදි පාසල් සිසුවා ලබන 03 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තබන ලෙස මාතර අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණි කේ.විතාරණ මහත්මිය අද (26) නියෝග කළාය.
එම සැකකරු නීතිඥ දසරාජ් දසනායක මහතා මගින් මාතර උසාවියට බාර වී තිබුණි.
තිහගොඩ විටියල පදිංචි ඔහු සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් කැදවන ලෙසද අතිරේක මහේස්ත්‍රාත්වරිය වැඩි දුරටත් නියෝග කළාය.
මාතර සාන්ත තෝමස් කුමර විද්‍යාලයේ 13 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි රසිදු ගිම්හාන (19) සිසුවා උපකාරක පන්ති යමින් සිටියදී ඝාතනයට ලක් වූයේ ඉකුත් 24 වැනිදාය.