ආරියරත්න රණබාහු
හම්බන්තොට මාගම්පුර වරාය හවුල් ව්‍යාපාරයක් බවට පත්කර සංවර්ධනය කිරීම හැර එය චීන සමාගමකට විකිණීමට කටයුතු නොකරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (5) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒකාබද්ධ විපක්ෂයේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු ඒ බව කීය.
‘මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ රජයේ හිටපු විදේශ ඇමැති ජී.එල්.පීරිස් මහතා චීන විදේශ ඇමැතිවරයා සමග අස්සන් කර තිබූ ගිවිසුම රටම විකුණමින් අස්සන් කළ ලියවිල්ලක්. එම ගිවිසුම දේශපාලනික වශයෙන් අහෝසි කිරීමට මට සහ මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයාට හැකිවුණා.‘ යැයි ද අගමැතිවරයා කීවේය.

