හම්බන්තොට මාගම්පුර වරායට යුරෝපයේ සිට අධි සුඛෝපභෝගී සංචාරක මගී නෞකාවක් අද (15) පැමිණියේය.
නෞකාවෙන් පැමිණි සංචාරක මගීහු 200 ක් මාගම්පුර වරායෙන් බැස යාල, බුන්දල, කතරගම, උඩවලව යන ස්ථාන නැරඹීම සඳහා පිටත්ව ගියහ.
ලෝක සවාරියක නිරත වී සිටින මෙම සංචාරකයින් රැගත් අධි සුඛෝපභෝගී එම්.එස් යූරෝ නෞකාව මගීන් 380 ක් ප්‍රවාහනය කිරීමේ පහසුකම් පවතී.
විශ්‍රාමික සුවයෙන් පසුවෙන යුරෝපයේ සංචාරක මගීහු ලෝකයේ විවිධ රටවල සංචාරයේ නිරත වෙති.






