මාගම හෙල්ලුවේ කිරින්ද මුහුදෙන්


කිරින්ද ආසන්න නොගැඹුරු මුහුදේ සිදුවූ රිච්ටර් මාපක අගය දෙකක් වූ සුළු භූමිකම්පාවක් හේතුවෙන් මාගම, තිස්සමහාරාම යෝද කණ්ඩිය හා කිරින්ද අවට පෙදෙස් සෙළවී ගිය බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි. එහි සභාපති සෙනරත් ජයසුන්දර මහතා පවසන්නේ භූමිකම්පාවේ අපි කේන්ද්‍රය කිරින්දට නුදුරු නොගැඹුරු මුහුදේ පිහිටා ඇති බවයි. අද උදෑසන 9.20ත් 9.25ත් අතර කාලයේ සිදුවූ භූමිකම්පාවෙන් පොළොව දෙදරීමක් දැනුන ද එය නිවාස ඇතුළු ගොනැගිලි වලට හානිකර තත්ත්වයක් නොවන බව ද භූවිද්‍යාඥයෝ කියති.